Saturday, 27 April 2024

ෂාෆ්ටර්ගේ මරණ පරීක්ෂණයේ ප්‍රතිඵලය ළඟදීම

Posted On Monday, 24 July 2023 09:55

ෂාෆ්ටර්ගේ මරණ පරීක්ෂණයේ ප්‍රතිඵලය ළඟදීම

 

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සොයා බැලීම සඳහා පත්කළ අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුව ඊයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී දෙදින සාකච්ඡාවක් ආරම්භ කර ඇත.

ඊයේ (23) ආරම්භ වූ සාකච්ඡාවේ අරමුණ මෙතෙක් සොයාගෙන ඇති කරුණු විශ්ලේෂණය කිරීමයි. ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසාගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න කමිටුව සාකච්ඡා කර තීරණය කර අවසන් තීරණයකට එළැඹෙනු ඇත.