Thursday, 02 May 2024

මියන්මාරයේ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට ශ්‍රී ලංකාවෙන් තේ තොගයක්

Posted On Tuesday, 18 July 2023 05:52

මියන්මාරයේ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට ශ්‍රී ලංකාවෙන් තේ තොගයක්

 

මෝචා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට මානුෂීය ආධාර වශයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහාය ඇතිව, මියන්මාර රජයට"සිලෝන් ටී" තොගයක් ශ්‍රී ලංකාව, සෙනසුරාදා (15) පරිත්‍යාග කළේය.

මියන්මාරයේ ස්වභාවික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ තාන් සෝ වෙත යැංගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීමෙම තොගය නිල වශයෙන් භාර දෙන ලදී.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ යැංගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කරනු ලැබුවේය. මෙම තොගය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කොළඹ සිට බැංකොක් දක්වා සහ මියන්මාර් එයාර්වේස් ඉන්ටර්නැෂනල් බැංකොක් සිටයැන්ගොන් දක්වා නොමිලේ ප්‍රවාහනය කරන ලදී.