Monday, 29 April 2024

ආර්ථික කඩාවැටීම ගැන සොයා බලන්න විපක්ෂ වෙනම කමිටුවක්

Posted On Wednesday, 12 July 2023 14:31

ආර්ථික කඩාවැටීම ගැන සොයා බලන්න විපක්ෂ වෙනම කමිටුවක්

 

රට තුළ ආර්ථික බංකොලොත්භාවයට හේතු වූ කරුණු සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් විපක්ෂය ඉවත් වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

රට බංකොලොත් වීමට හේතුව සොයා බැලීම සඳහා වෙනම කමිටුවක් විපක්ෂයෙන් පත් කිරීමට තීරණය කර ඇති බව ඔහු පැවසීය.

ඒ සඳහා පත් කරන කමිටුවේ සංයුතිය පිළිබඳව විපක්ෂය ජනතාව දැනුවත් කරන බවද ඔහු කියා සිටියේය. දේශීය හෝ විදේශීය පුද්ගලයන්ට ලිඛිතව හෝ වාචිකව තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් ද සකසනු ලැබේ.