Monday, 29 April 2024

ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ධූර කාලය තුළ සම්පූර්ණ කිරීමට දැඩි වුවමනාවක්

Posted On Wednesday, 12 July 2023 14:25

ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ධූර කාලය තුළ සම්පූර්ණ කිරීමට දැඩි වුවමනාවක්

 

ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීමේ කාර්යය මතු පරපුරට පැවරීම නොව එය දැන්ම විසඳා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉලක්කය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක ප්‍රකාශ කරයි.

සංහිඳියා ක්‍රියාවලියට අදාළ ගැටලු නිරාකරණය කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ජනාධිපතිවරයාට පවතින බවත්, එම උත්සාහය සාර්ථක වුවහොත් තවත් වසරක කාලයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යාමට රටට අවශ්‍ය නොවන බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ සිවිල් සමාජය දැනුවත් කිරීමේ ඊයේ (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ඒකනායක මහතා මෙම අදහස් පළ කළේය