Tuesday, 30 April 2024

පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතට , ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්

Posted On Wednesday, 12 July 2023 14:19

පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතට , ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්

 

 විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ (පැෆ්රල්) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් "නගර සභා ආඥාපනත සංශෝධන පනත් කෙටුම්පතක් (පරිච්ඡේදය 252)" නමින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ගෙනවිත් තිබූ අතර එය 2023 ජුනි 26 වැනි දින ගැසට් පත්‍රයට අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

යෝජිත පනත් කෙටුම්පත මගින් නිශ්චිත දිනයක් සඳහන් නොකර මහනගර සභා මැතිවරණය කල් දැමීමට අදහස් කරන බව පෙත්සම්කරු සඳහන් කළේය. එම සංශෝධනය රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට නොගැලපෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

යෝජිත පනත් කෙටුම්පත මගින් ජාතික මැතිවරණ ඇතුළු නියමිත වේලාවට මැතිවරණ පැවැත්වීම වැළැක්වීමේ නීතිමය රාමුව අවභාවිත කිරීමේ අවදානමක් නිර්මාණය වන බැවින් රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වී යා හැකි බැවින් එය නරක පූර්වාදර්ශයක් සපයන බව

පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ කරන ලෙස පෙත්සම මගින් පෙත්සම්කරු ඉල්ලා සිටියි.