Monday, 29 April 2024

චීනයේ ළදරු පාසලක පිහි ඇනුමකින් හයක් මරුට

Posted On Tuesday, 11 July 2023 05:14

චීනයේ ළදරු පාසලක පිහි ඇනුමකින් හයක් මරුට.

 

 චීනයේ ගිනිකොනදිග Guangdong පළාතේ ළදරු පාසලක පිහි ඇනුමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Lianjiang නගරයේ දී Wu යන වාසගම සහිත 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අනෙක් වින්දිතයින් ගුරුවරියක් සහ දෙමාපියන් දෙදෙනෙකු බව ප්‍රාදේශීය නගර නිලධාරියෙකු උපුටා දක්වමින් AFP වාර්තා කළේයා.

මෙම ප්‍රහාරය චීන සමාජ මාධ්‍ය හරහා පුළුල් සංවාදයක් ඇති කර ඇති අතර බොහෝ පරිශීලකයින් කම්පනයෙන් ප්‍රතිචාර දක්වයි.