Monday, 29 April 2024

දේශබන්දුගේ විදෙස් ගමන් තහනම ඉවතට

Posted On Friday, 07 July 2023 13:42

දේශබන්දුගේ විදෙස් ගමන් තහනම ඉවතට

 

ගාලුමුවදොර ප්‍රහාරයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අදාළව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළා.

2022 මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයේදී සහ ගාලු මුවදොරදී සිදුවූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතාට රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුනි.

තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයෙකු අධිකරණයට ඉදිරිපත් කළේ මෙම නඩුවේ සැකකරුවෙකු කර නොමැති බැවින් තම සේවාදායකයාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසයි.

ඒ අනුව විදේශ ගමන් තහනම වහාම ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලක ජනරාල්වරයාට නියෝග කළා. අත්අඩංගුවට ගත් විදේශ ගමන් බලපත‍්‍රය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මුදාහරින ලෙස නියෝග කෙරුණා.