Monday, 29 April 2024

රංගන ශිල්පිනී නතාෂා ඇප මත නිදහස්

Posted On Wednesday, 05 July 2023 16:26

විකට රංගන ශිල්පිනී නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඇය රුපියල් ලක්ෂයක මුදල් ඇප මත මුදා හැරීමට නියෝග කළේය. 100,000 සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමකට අනුවය.
ආගමික සංහිඳියාවට හානියක් වන අයුරින් බුදුදහම සම්බන්ධයෙන් අදහස් පළ කළ බවට චෝදනා එල්ල වූ විකට නිළි නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුනි'
සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) සහ දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ වැරදි සිදු කළ බවට චෝදනා කරමින් ඇය අත්අඩංගුවට ගෙන ඇත.