Monday, 29 April 2024

දූත මණ්ඩල ප්‍රධානීන් පනස් දෙනෙකු වයිස්රෝයි චාරිකාවක

Posted On Wednesday, 05 July 2023 17:25


විදේශ අමාත්‍යාංශය, සංචාරක මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද වයිස්රෝයි විශේෂ දුම්රියෙන් කොළඹ සිට ඇල්ල දක්වා චාරිකාවකට ශ්‍රී ලංකාව පදනම් කරගත් රටවල් පනහක දූත මණ්ඩල ප්‍රධානීන් එක් විය. සිකුරාදා තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් රැගත් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ නවතා නුවරඑළියේ විවේකීව දවස ගත කර ඇල්ල බලා ගමන් ආරම්භ කළේ ය.
මෙම සංචාරයට ජනාධිපති මාණ්ඩලික ප්‍රධානී සහ ජාතික ආරක්‍ෂක උපදේශක සාගල රත්නායක මහතා ද තානාපතිවරුන් සමඟ එක්ව සිටී.