Monday, 29 April 2024

ඡන්දය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමස්ත කම්කරු පන්තියෙන් සමාව අයැදිය යුතුය.  

Posted On Sunday, 02 July 2023 20:53

දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ වැඩසටහනට පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සේවක අර්ථසාධක අරමුදලට සිදු වූහානිය සම්බන්ධයෙන් සමස්ත කම්කරු පන්තියෙන් සමාව ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකසුනිල් හඳුනෙත්ති මහතා පවසයි.

 මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑම සඳහා උපක්‍රමශීලීව අනුමතිය ලබාගනිමින් කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව නොමඟ යවා ඇති බව ඔහු පවසයි.

 අහිංසක වැඩකරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල උපක්‍රමශීලීව කොල්ලකන අතරේ ආණ්ඩුවේ ගජමිතුරන්, ප්‍රාථමිකවෙළෙඳුන් සහ පෞද්ගලික බැඳුම්කර ක්‍රියාවලියෙන් නිදහස් කර ඇති බව ඔහු පැවසීය. භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනයකර ඇති සේවක අර්ථසාධක අරමුදලට 2025 දක්වා සියයට 12ක පොලියක් ගෙවන බවත් 2026 සිට 2038 දක්වා  ප්‍රශස්තකරණය කිරීමේ ක්‍රියාවලියට අනුව ගෙවන්නේ සියයට 9ක ස්ථාවර පොලියක් පමණක් බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවක්අමතමින් හඳුනෙත්ති මහතා පැවසීය.

 

ඩීඩීආර් වැඩසටහන හඳුන්වා දීමට ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සේවක අර්ථසාධක අරමුදලට සිදු වූ හානිය සම්බන්ධයෙන් තමන්ටඡන්දය දුන් කම්කරු පන්තියෙන් සමාව ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.