Sunday, 28 April 2024

ඉන්ධන තොග පවත්වාගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් රාජගිරිය ඉන්ධන පිරවුම්හල රජයට

Posted On Tuesday, 04 July 2023 17:43

 පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයේදී තෙල් තොග පවත්වාගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් රාජගිරිය පිරවුම්හලරජයට පවරා ගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (03) ප්‍රකාශ කළේය.

 කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විජේසේකර කියා සිටියේ ඉන්ධන මිල සංශෝධනයේදී තෙල් තොග පවත්වාගෙන යාමටඅපොහොසත් වූ දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

 "ඉන්ධන මිල සංශෝධනවලදී තොග නඩත්තු අවශ්‍යතාවලට අනුකූල නොවූ ඉන්ධන පිරවුම්හල් 120 ක් සම්බන්ධයෙන් පැමිණිලිලැබී ඇති අතර, සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම ඉදිරි සැලසුම්වලට ඇතුළත් වේ" යනුවෙන් විජේසේකර මහතාපැවසීය.

අමාත්‍යාංශයේ සහ ඒ ආශ්‍රිත ආයතනවල දැනට සිටින සේවක සංඛ්‍යාව ප්‍රමාණවත් යැයි සලකන බැවින් නව සේවකයින් බඳවානොගැනීමට තීරණය කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.