Sunday, 28 April 2024

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සහ තුරන් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

Posted On Tuesday, 04 July 2023 05:00

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සහ තුරන් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

 

ශීඝ්‍රයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර තුරන් කිරීමට ක්‍රියාත්මක කළ යුතු යාන්ත්‍රණ සොයා බලා හඳුනා ගැනීම සඳහා මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ බවකථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (01) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි, සීතා අරඹේපොල, බුද්ධික පතිරණ, ගයාෂාන් නවානන්ද, තුෂාර ඉඳුනිල් අමරසේන, උපුල් ගලප්පත්ති, සුදර්ශන දෙනිපිටිය, රාජපක්ෂ නවරත්න, උපක්‍ෂපුල් නවරත්න, තවරාජා කලාසන් සහ මංජුල දිසානායක මහත්ම මහත්මිහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇත.