Saturday, 27 April 2024

සැප්තැම්බර් මාසය වනවිට බංකොලොත් තත්ත්වයෙන් ගොඩ

Posted On Tuesday, 04 July 2023 04:49

සැප්තැම්බර් මාසය වනවිට බංකොලොත් තත්ත්වයෙන් ගොඩ

 

සැප්තැම්බර් වන විට බංකොලොත් තත්ත්වය මුලිනුපුටා දමන ඉලක්කයක් ඇතිව සාමූහිකව වැඩ කරන ලෙස ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ බ්‍රහස්පතින්දා (29) සිනමන් ග්‍රෑන්ඩ් හි පැවති ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේආයතනයේ (SLID) මහා සභා රැස්වීම අමතමිනි.

"සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයෙන් මිදීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඔබසිංහල, දෙමළ, මුස්ලිම් හෝ වෙනත් ඕනෑම ජාතියක වුවද, කිසිවෙක් බංකොලොත් වීමට කැමති නැත," ජනාධිපතිවරයා පැවසීය. “තනි තනිව ඔබ එයට අකමැති නම්, සාමූහිකව, ඔබට මෙම බංකොලොත් තත්ත්වය ඔබ මත තබා ගැනීමට අවශ්‍ය ඇයි? අපිඑයින් ඉවත් වෙමු." යැයි ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය.

පුද්ගලික ආයෝජන ඇතුළු අනෙකුත් ආයෝජන වැඩිපුර අවශ්‍ය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ඉලක්කවැඩසටහන අත්හැරියහොත්, ලෝක බැංකුව සැපයීමට සූදානම් වන ඩොලර් මිලියන 700 වහාම රටට අහිමි වනු ඇත අතරජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවන සමාලෝචනය අසාර්ථක වනු ඇත.

අනාගතයේදී ශ්‍රී ලංකාව ණය සහ දේශගුණය සම්බන්ධයෙන් වඩාත් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ

යුතු අතර ඔරොත්තු දීමේ හැකියාව සහ ශ්‍රී ලංකාවට තිබෙන දෙයින් එය ජයගත හැකි බවට ජනාධිපතිතුමා විශ්වාසය පළකළේය.