Sunday, 28 April 2024

මහ බැංකු අධිපතිවරයාගේ සහතිකය ශ්‍රී ලංකා බැංකු සංගමය පිළිගනී

Posted On Thursday, 29 June 2023 11:11

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මූල්‍ය අංශයේ ස්ථායිතාව පවත්වා ගෙන යනු ඇති බවටකරන ලද සහතිකය ශ්‍රී ලංකා බැංකු සංගමය පිළිගෙන ඇත. 

සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන  ශ්‍රී ලංකා බැංකු සංගමය ආචාර්ය වීරසිංහගේ නිවේදනය වැදගත් කරුණු ආවරණය කරඇති අතර, ඉදිරි දේශීය ණය ප්‍රශස්තකරණය හෝ ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට කිසිදුආකාරයකින් බලපාන්නේ නැති බවට නිශ්චිත සහතිකයක් ඇතුළත් කර ඇති බවයි. 

බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ට අහිතකර ලෙස බලපාන්නේ නැති අතර බැංකු අංශය සඳහා දින පහක නිවාඩුව තුළ උපාය මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දීම සහමහජනතාවට සහ වෙළඳපොළ සහභාගිවන්නන්ට ආවර්ජනය කිරීමට අවස්ථාවක් ලබා දීම බව මහ බැංකු අධිපතිවරයා පැහැදිලිකර ඇති අතර වැදගත්   බව ශ්‍රී ලංකා බැංකු සංගමය  පවසයි. 

උපායමාර්ගය ප්‍රකාශයට පත් කළ යුතු බවත් මහ බැංකුව සමඟ සාකච්ඡා කර විවාදයක් මගින් අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය මුදල්කාරක සභාව සහ පාර්ලිමේන්තුවෙන් නිසි අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය අනුගමනය කළ යුතු බවටත් මහ බැංකුඅධිපතිවරයා ගේ ප්‍රකාශය දිරිමත් කරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය  පවසයි. 

ශ්‍රී ලංකා බැංකු සංගමය  සියලුම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන අතර සාමාජිකයින් අතර සහයෝගීතාවය සහ අවශ්‍යපරිදි බැංකු අංශයේ මෙහෙයුම් සම්බන්ධීකරණය දිරිමත් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. "මෙම සීමාව තුළ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කර ඇති ප්‍රතිපත්ති සහ නියාමන රාමුවලට අනුකූලව ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් බැංකු ව්‍යුහයක්පවත්වාගෙන යාමට සහ සංවර්ධනය කිරීමට සහාය වීම ප්‍රධාන අරමුණක්" යැයි සංගමය පවසයි.