Monday, 29 April 2024

අත්අඩංගුවට ගත් සිවිල් ක්‍රියාකාරික පියත් නිකේෂලට ඇප

Posted On Wednesday, 28 June 2023 14:21

ජනපතිගේ ගිනිගත් නිවස සජීවීව විකාශය කිරීම

 

අත්අඩංගුවට ගත් සිවිල් ක්‍රියාකාරික පියත් නිකේෂලට ඇප

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සිවිල් ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල (26) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.

2022 ජුලි 9 වැනි දින සිදු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කළ බව කියන සිවිල් ක්‍රියාකාරි නිකේෂලා CID විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පියත් නිකේෂල රුපියල් ලක්ෂ 35,000 ක ශරීර ඇප දෙකක් සමඟ රු. 500,000 මුදල් ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නියෝග කෙරුණි.

මේ අතර සැකකරුට රටින් පිටවීම වළක්වන ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝග කරමින් අධිකරණය වැඩිදුරටත් නියෝගයක් නිකුත් කළේය.