Sunday, 28 April 2024

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන මේ සති අන්තයේ පාර්ලිමේන්තුවට

Posted On Wednesday, 28 June 2023 14:07

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන මේ සති අන්තයේ පාර්ලිමේන්තුවට

 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අනුමැතිය සඳහා මේ සති අන්තයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතා පැවසීය.

ප්‍රංශ 24 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේය: ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනපාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අනුමැතිය සඳහා බදාදා කැබිනට් මණ්ඩලයට සහ සිකුරාදා රාජ්‍ය මූල්‍ය කමිටුවට ඉදිරිපත්කිරීමට නියමිතය. ලෝක බැංකුවේ මූල්‍ය ආධාර සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇති බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.