Saturday, 27 April 2024

ලංවිම ඊ-බිල්පත් ක්‍රමයේ මීළඟ අදියර ජූලි 1 වැනිදා

Posted On Tuesday, 27 June 2023 11:10

 ලංකා විදුලිබල මණ්ඩල ඊ-බිල්පත් ක්‍රමයේ මීළඟ අදියර ජුලි 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින්ට ඔවුන්ගේ විදුලි බිල්පත් SMS මගින් හෝ ඊමේල්ඩිජිටල් ආකාරයෙන් පමණක් ලැබෙනු ඇත. මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය නවතා දැමීම මෙය සනිටුහන්කරයි.

 ඉදිරි මාස කිහිපය තුළ මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීම ක්‍රමයෙන් අත්හිටුවනු ඇති බැවින්, මෙම පහසු සේවාව සඳහාකඩිනමින් ලියාපදිංචි වන ලෙස විදුලිබල මණ්ඩලය සිය රට පුරා සිටින සියළුම පාරිභෝගිකයින් දන්වයි

 SMS මාර්ගයෙන් ලියාපදිංචි වීමට, කරුණාකර REGspace> පසුව ඔබේ A/C අංකය ටයිප් කර 1987 ට එවන්න. පාරිභෝගිකයින් අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට http://ebill.ceb.lk වෙත පිවිසෙන්න