Saturday, 04 May 2024

"අරගලය" ක්‍රියාකාරීන්ට නඩුව

Posted On Tuesday, 20 June 2023 05:43

"අරගලය" ක්‍රියාකාරීන්ට නඩුව

 

අධිකරණය විමර්ශන වාර්තාවක් ඉල්ලා සිටී.

මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන දොරටුව අවහිර කළ බවට චෝදනා කරමින් නිළි දමිතා අබේරත්න, ලංකා ගුරු සංගමයේ ප්‍රධානලේකම් ජෝසප් ස්ටාලින්, තරුණ ක්‍රියාකාරික රතිඳු සේනාරත්න හෙවත් ‘රට්ටා’ ඇතුළු අරගලය ක්‍රියාකාරීන් නව දෙනෙකුටඑරෙහිව පවරා ඇති නඩුව විභාගය පැවැත්වීම (ඔක්තෝබර් 9 වැනිදාට) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද දිනනියම කෙරිණ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණයපොලිසියට නියෝග කළේය.

පසුගිය වසරේ මැයි මස 30 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන දොරටුව අවහිර කරමින් විරෝධතාවයකනිරත වෙමින් සිටියදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් අරගලය ක්‍රියාකාරීන්ට එරෙහිවකොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබුණි.