Monday, 29 April 2024

පාකිස්තානයට ශෝක දිනයක්

Posted On Tuesday, 20 June 2023 05:22

පාකිස්තානයට ශෝක දිනයක්

 

ග්‍රීක වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටු අනතුරකින් මියගිය පුද්ගලයන්ට ගෞරව

ඉස්ලාමාබාද් - සංක්‍රමණිකයන් රැගත් ධීවර යාත්‍රාවක් ග්‍රීක වෙරළට ඔබ්බෙන් ගිලී යාමෙන් මියගිය පුරවැසියන් වෙනුවෙන්පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළේය.

සිරියාව, ඊජිප්තුව, පලස්තීන ප්‍රදේශ සහ පකිස්ථානය යන රටවලින් පැමිණි පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 750ක් පමණ යුරෝපයේසිටින ඥාතීන් වෙත ළඟා වීමට උත්සාහ කරමින් යාත්‍රාවේ සිට ඇත. පසුගිය බදාදා (14) යාත්‍රාව ගිලී ගියේය. සංක්‍රමණිකයන්500කට වැඩි පිරිසක් දියේ ගිලී මිය ගිය බවට අනුමාන කර ඇත.

ෂරීෆ් ඛේදවාචකය පිළිබඳ සිය ශෝකය ප්‍රකාශ කළ අතර සඳුදා (19)ශෝක දිනයක් ලෙස සමරන බවත් ජාතික ධජය අඩක්කුඹුරෙන් ලෙළදෙන බවත් පැවසීය.

වෙරළාරක්ෂක භටයින් විසින් බේරාගත් ජාතිකයින් 12 දෙනෙකු ඇතන්ස්හි පාකිස්තාන තානාපති කාර්යාලය විසින් හඳුනාගෙන ඇතිඅතර යාත්‍රාවේ පකිස්ථානුවන් කී දෙනෙක් සිටියාද, කී දෙනෙක් දිවි ගලවා ගත්තාද, කී දෙනෙක් මිය ගියාද යන්න පිළිබඳ නිලතොරතුරු නොමැත.