Monday, 29 April 2024

වී මෙ.ටොන් 300,000 ක අතිරික්තය ක්මහ කන්නයෙන් අපේක්ෂා කරයි.

Posted On Tuesday, 20 June 2023 05:10

වී මෙ.ටොන් 300,000 ක අතිරික්තය ක්මහ කන්නයෙන් අපේක්ෂා කරයි.

 

ඉදිරි මහ කන්නයෙන් පසු රට තුළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක අතිරික්තයක් ඇති වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දඅමරවීර මහතා පවසයි.

මේ අතිරික්තය ඇති වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිරීක්ෂණ අනුව තහවුරු වී තිබේ.

මාසික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් බව ඔහු පැවසීය. ඒ අනුව වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන්මිලියන 2.4 කි. මේ වසරේ යල කන්නයෙන් සහ ලබන මහ කන්නයේ වී අස්වැන්නෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 27ක් සකස්කිරීමට හැකි වෙන අතර මහ කන්නයෙන් පසු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක අතිරික්තයක් පවතිනු ඇත.

ඉදිරියේදී වැඩි අස්වැන්නක් ලබාගත හැකි කුඹුරු ඉඩම්වල වී වගා කළ යුතු බවත්, අනෙකුත් ඉඩම්වල බඩඉරිඟු වැනි අමතරභෝග වගා කළ යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.