Tuesday, 30 April 2024

PNS ‘ටිප්පු සුල්තාන්’ නිල සංචාරයක් සඳහා කොළඹ වරායට.

Posted On Monday, 19 June 2023 04:03

 

පකිස්ථාන (PNS) ‘Tippu Sultan’ නෞකාව සංචාරයක් සඳහා 2023 ජුනි 18 වැනි ඉරිදා පෙරවරුවේ කොළඹ වරායට සේන්දුවිය. නෞකා සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

පී.එන්එස් ‘ටිප්පු සුල්තාන්’ යනු මීටර් 134.1ක් දිග යුධ නෞකාවක් වන අතර එය 168 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින්මෙහෙයවනු ලැබේ. නෞකාවේ අණදෙන නිලධාරියා වන්නේ කපිතාන් ජව්වාඩ් හුසේන් ටී විසිනි.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ, සහයෝගීතාව සහ සුහදතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට නෞකාවේ කාර්ය මණ්ඩලය සහභාගී වනු ඇත. ඔවුන් මෙරට සංචාරකආකර්ෂණ ස්ථාන කිහිපයක් නැරඹීමට ද අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් PNS ‘Tippu Sultan’ නෞකාවනැරඹීමට ගිය අතර, එහිදී ඔවුන් නෞකාවේ මෙහෙයුම් හැකියාවන් පිළිබඳව දැනුවත් කරන ලදී.

නෞකාවේ නිල සංචාරය නිමා කරමින් PNS ‘Tippu Sultan’ ජූනි 20 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, ශ්‍රී ලංකානාවික හමුදාවට අයත් නෞකාවක් සමඟ කොළඹින් ඔබ්බට ගමන් කිරීමේ අභ්‍යාසයක (PASSEX) නිරත වනු ඇත.