Tuesday, 30 April 2024

පස් කන්දක් කඩා වැටීමෙන් ඉදිකිරීම් සේවකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Posted On Monday, 19 June 2023 03:44

 

 නුවරඑළිය පැරණි කච්චේරිය ප්‍රදේශයේ නිවසක කොන්ක්‍රීට් තාප්පයක් ඉදිකරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකු පස් කන්දක් කඩාවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. තාප්පයේ අත්තිවාරම ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරු විසින් කිසිදු ආරක්‍ෂිත ක්‍රමයක්නොමැතිව පස් කපා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කරඇති අතර, පොලිසිය පරීක්ෂණ පවත්වයි.