Thursday, 16 May 2024

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් සඳහා කන්කසන්තුරේ වරායේ පර්යන්තය අවසන්.

Posted On Friday, 16 June 2023 16:11

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් සඳහා කන්කසන්තුරේ වරායේ පර්යන්තය අවසන්.

 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් සඳහා මග සැලසීමේ අරමුණින් කන්කසන්තුරේ වරාය සාමාන්‍ය මෙහෙයුම්සඳහා අද (2023 ජුනි 16) විවෘත කරන ලදී. වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ධීවර අමාත්‍යඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය උතුරු නාවික විධානය භාර ආඥාපති රියර්අද්මිරාල් අරුණ තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි, වරාය, නාවික අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ශ්‍රීලංකා නාවික හමුදාව කන්කසන්තුරේ වරාය පහසුකම් පුළුල් කිරීම සඳහා ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරන ලදී. මෙම ව්‍යාපෘතියේකොටසක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මගී යාත්‍රා සේවාව භාවිතා කිරීමට අදහස් කරන පුද්ගලයින්ගේ ආගමන විගමනසහ රේගු නිෂ්කාශනය සඳහා මගී පර්යන්තය ඉදිකිරීමට කටයුතු කරන ලදී. මීට අමතරව, නාවික හමුදාව විසින් ජැටියප්‍රතිසංස්කරණය කිරීම සහ පරිශ්‍රයේ තවත් පහසුකම් කිහිපයක් ස්ථාපනය කිරීම ද සිදු කර ඇත. ව්‍යාපෘතිය සඳහා අවශ්‍යඉදිකිරීම් ද්‍රව්‍ය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ලබා දෙන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරුවන්ගේ අධීක්‍ෂණය යටතේ කඩිනමින් වැඩ නිම කිරීමෙන් අනතුරුව මගී පර්යන්තය සහපර්යන්ත පහසුකම් අද සුබ මොහොතින් විවෘත කෙරිණි. MV එම්ප්‍රස් නම් සුඛෝපභෝගී මගී යාත්‍රාව නෞකාව වරාය මෙහිදීපිළිගනු ලැබීය. නෞකාවේ කපිතාන්වරයා සහ එහි කාර්ය මණ්ඩලය ද මෙම සන්ධිස්ථානයට එක් විය.

මෙහිදී අදහස් දැක්වූ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා, මගී යාත්‍රා සේවාව ආරම්භ කිරීමට මග පාදමින් ඉදිකිරීම්කටයුතු කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව දක්වන දායකත්වය පිළිබඳව ප්‍රශංසාව පළ කළේය.

මගී යාත්‍රා සේවා ව්‍යාපෘතිය සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවඅතර දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීමේ විශාල උත්සාහයක කොටසකි. මෙම ප්‍රයත්නයේදී නාවික හමුදාවේ මැදිහත්වීම නිසාසැලකිය යුතු පිරිවැයක් ඉතිරි කර ගැනීමට හැකි වූවා පමණක් නොව, අපේක්ෂිත ව්‍යාපෘති ප්‍රතිලාභ මහජනතාව වෙත ලබාදීමකඩිනම් කිරීමටද හැකි විය.

මෙම අවස්ථාව සඳහා උතුරු පළාතේ රාජ්‍ය නිලධාරීන්, සම්භාවනීය අමුත්තන්, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ සහවරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහ උතුරු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.