Monday, 29 April 2024

මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි.

Posted On Thursday, 15 June 2023 21:43

ශ්‍රී ලංකා ටෙලිකොම් හි භාණ්ඩාගාර ලේකම්වරයා සතු කොටස් ඉවත් කිරීමට කිසිදු පියවරක් ගැනීම වළක්වන නියෝගයක් නිකුත්කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (15) ප්‍රතික්ෂේප කර ඇත.

භාණ්ඩාගාර ලේකම්වරයා සතු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන්ගත් තීරණයට එරෙහිව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය ඇතුළු පෙත්සම්කරුවන් දෙදෙනෙක් මෙම පෙත්සම් ගොනුකළහ. රජයට අයත් ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් එම තීරණය ක්‍රියාත්මක කරන බව පැවසෙන බවපෙත්සම්කරුවෝ ප්‍රකාශ කළහ.