Monday, 29 April 2024

X-Press Pearl ව්‍යසනය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම ට ඉල්ලීමක්

Posted On Thursday, 15 June 2023 22:08
 
එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනයට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්පස් දෙනෙකු හෝ වැඩි සංඛ්‍යාවකින් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සඳහා වූ ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද (15) අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇත.
 
ඒ අනුව, විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් ජූලි මස 10 වැනිදාවිභාගයට ගැනීමට නියම කළේය.
පාරිසරික යුක්තිය සඳහා වූ මධ්‍යස්ථානය , එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් දැඩි ලෙස විපතට පත් ධීවරයින්ට වන්දි ලබා දෙන ලෙසවගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා මීගමුව සහ හලාවත නියෝජනය කරමින් සරත් ඉද්දමල්ගොඩ පියතුමා සහධීවරයින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණා.
 
ගිනිගෙන දැවෙන නෞකාව සහ රසායනික ද්‍රව්‍ය කාන්දුවීම සහ ප්ලාස්ටික් පෙති හේතුවෙන් දැනටමත් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරපද්ධතියට, ධීවර ප්‍රජාවට සහ ජනප්‍රිය සංචාරක ගමනාන්ත ඇතුළු පෞරාණික වෙරළ තීරයන්ට අප්‍රමාණ, සහ ආපසු හැරවියනොහැකි හානියක් සිදුවී ඇති බව පෙත්සම්කරුවෝ පවසති.