Monday, 29 April 2024

විදුලි සෝපාන ක්‍රියාකරු හිටපු පොලිස්පතිවරයාට එරෙහි වේ

Posted On Thursday, 15 June 2023 22:35

පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරු 2017 වසරේ සාපරාධී බිය ගැන්වීමේ වරදක් සිදු කළ බවට හිටපු පොලිස්පති පූජිත්ජයසුන්දරට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වැඩිදුර විභාගය සඳහා දින නියමකර තිබේ.

මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැදවූ අවස්ථාවේදී පොලිස් මූලස්ථානයේ පිළිගැනීමේනිලධාරිනියක ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂි ලබාදී ඇත.

2017 අප්‍රේල් 11 වැනි දින එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී කරපටියෙන් අල්ලාසෝපානයේදී ඔහුට පහර දීමට තැත් කළ බව පවසමින් පොලිස් මූලස්ථානයේ සෝපාන අංක එකේ ක්‍රියාකරු එවකට වැඩබලනපොලිස්පතිවරයාට එරෙහිව 2019 ජුනි 2 වැනිදා පැමිණිල්ලක් තිබිණි.

ජාතික ගීය ගායනා කරන විට සහ භාවනා වැඩසටහන් පැවැත්වෙන විට විදුලි සෝපානය ක්‍රියාත්මක නොකරන ලෙසට හිටපුපොලිස්පති ජයසුන්දර උපදෙස් ලබාදී තිබූ බව සාක්ෂිකරුවන් පිළිගත්තේය. වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය අගෝස්තු 23 දිනටනියම කෙරේ.