Saturday, 04 May 2024

ගංවතුරෙන් විපතට පත් පවුල්වලට නාවික හමුදා සහන සේවා

Posted On Tuesday, 06 June 2023 16:35

ගංවතුරෙන් විපතට පත් පවුල්වලට නාවික හමුදා සහන සේවා

 

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාර්තා වූ අධික වර්ෂාවත් සමඟ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයත් සමඟ කළුතර දිස්ත්‍රික්කයේබුලත්සිංහල, බදුරලිය, ලත්පඳුර සහ වලල්ලාවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන යන ප්‍රදේශවල ගංවතුර සහන සේවා කටයුතුසඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහන කණ්ඩායම් පහක් යොදවා ඇත. ඒ අනුව, නාවික හමුදා සහන කණ්ඩායම් 2023 ජූනි 6 උදෑසන වන විට ඔවුන්ගේ ගලවා ගැනීමේ සහ සහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටියහ. ගංවතුරෙන් විපතට පත්පවුල්වලට නාවික හමුදාව උපකාර කරයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාර්තා වූ අධික වර්ෂාවත් සමඟ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයත් සමඟ කළුතර දිස්ත්‍රික්කයේබුලත්සිංහල, බදුරලිය, ලත්පඳුර සහ වලල්ලාවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන යන ප්‍රදේශවල ගංවතුර සහන සේවා කටයුතුසඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහන කණ්ඩායම් පහක් යොදවා ඇත. ඒ අනුව, නාවික හමුදා සහන කණ්ඩායම් අද (2023 ජූනි6) උදෑසන වන විට ඔවුන්ගේ ගලවා ගැනීමේ සහ සහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටියහ. බුලත්සිංහල ප්‍රදේශයේගංවතුරෙන් විපතට පත් පාසල් සිසුන් ඇතුළු ප්‍රදේශවාසීන්ට ඔවුන්ගේ දෛනික කටයුතු යලි කරගෙන යාමට හැකිවන පරිදි ආධාරසහ සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර නාවික විධානයේ අතිරේක සහනකණ්ඩායම් 23ක් සහ දකුණු නාවික විධානයේ සහන කණ්ඩායම් 10ක් නාවික හමුදාව සූදානම් කර ඇත.