Sunday, 28 April 2024

දුම්රියක පා පුවරුවේ ගමන් කරමින් සිටියදී දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් සිටි සිසුවෙකු දැදුරුඔය ට

Posted On Tuesday, 06 June 2023 06:55

දුම්රියක පා පුවරුවේ ගමන් කරමින් සිටියදී දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් සිටි සිසුවෙකු දැදුරුඔය ට

 

කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ දුම්රියක පා පුවරුවේ ගමන් කරමින් ජංගම දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් සිටිසිසුවෙකු දැදුරුඔය පාලම අසලදී දුම්රියෙන් වැටී මිය ගියේය.

මියගොස් ඇත්තේ තිරප්පනේ ප්‍රදේශයේ 16 හැවිරිදි උසස් පෙළ සිසුවෙකි.

ඔහු රාගම ප්‍රදේශයේ නැන්දණියගේ නිවසේ සිට ආපසු එමින් සිටියේය.

මියගිය සිසුවාගේ වැඩිමහල් සොහොයුරා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම බාල සොහොයුරා තම ජංගම දුරකථනයටඇමතුමකට පිළිතුරු දීමට දුම්රියේ පා පුවරුවට ගිය බවත් දැදුරුඔය පාලමේ යකඩ ආධාරක රේල් පීලිවල ගැටී දුම්රියෙන් වැටුණුබවත්ය.

බරපතළ තුවාල ලැබූ සිසුවා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.