Sunday, 28 April 2024

මියන්මාරයේ අතරමං වූ ශ්‍රී ලාංකිකයන් හය දෙනෙක් ආපසු කොළඹට

Posted On Tuesday, 30 May 2023 04:51

මියන්මාරයේ අතරමං වූ ශ්‍රී ලාංකිකයන් හය දෙනෙක් ආපසු කොළඹට

 

මිනිස් ජාවාරමට ගොදුරු වී මියන්මාරයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා යැංගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය කටයුතු කර තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයන් හය දෙනා අග්නිදිග ආසියාතික රටවල ක්‍රියාත්මක සංවිධානාත්මක ජාවාරමකට ගොදුරු වූවන් බව හඳුනාගෙන ඇත. ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් බැංකොක් හරහා සාර්ථකව කොළඹට ගෙන්වා ගැනීමට හැකි විය.