Wednesday, 01 May 2024

ඉන්ධන කෝටාව වැඩි කෙරේ

Posted On Monday, 29 May 2023 05:10

ඉන්ධන කෝටාව වැඩි කෙරේ

 

ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතිය වෙන් කර ඇති ඉන්ධන කෝටා වැඩි කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ලියාපදිංචි කුලී රථ ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක්, අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් සහ මෝටර් බයිසිකල් සඳහා සතියකට ලීටර් 14ක් ලැබෙන බව එම පණිවුඩයේ සඳහන් වේ.

ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සටහන් වන්නේ මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක කෝටාවක් ලැබෙනු ඇති බවත් වැඩි කරන ලද නව ඉන්ධන කෝටා අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ලබා ගත හැකි බවයි.