Monday, 29 April 2024

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ඉවත් කරයි.

Posted On Tuesday, 16 May 2023 06:10

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ඉවත් කරයි.

 

 උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා විසින් ඉවත් කර තිබේ. නව ආණ්ඩුකාරවරුන් පත්කිරීමලබන 17 වැනිදා සිදුකිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මීට පෙර විවිධ හේතු දක්වමින් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කළේ හිටපු ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ ඔවුන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලීම් කළ විට ඔවුන් ඊට එකඟ වූ බවයි. කෙසේ වෙතත්, ඉල්ලා අස්වීමප්‍රතික්ෂේප කළ ආණ්ඩුකාරවරුන් තිදෙනා ඉවත් කිරීමට ජනාධිපතිවරයා මේ වන විටත් කටයුතු කර තිබේ.