Monday, 29 April 2024

භාෂාමය ගැටලු සම්බන්ධයෙන් 1956 භාෂා ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න

Posted On Thursday, 20 April 2023 07:07

භාෂාමය ගැටලු සම්බන්ධයෙන් 1956 භාෂා ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න

 

භාෂාමය ගැටලු සම්බන්ධයෙන් 1956 භාෂා ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න - රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුරාධ විජේකෝන්

භාෂාමය ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබාගැනීම සදහා ස්ථාපිත කර ඇති භාෂා ඇමතුම් මධ්‍යස්ථානයේ ක්ෂණික දුරකතන අංකය 1956 අමතන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුරාධ විජේකෝන් මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ, (19) රජය් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම උදෙසා ගෙන ඇති ක්‍රියාමාර්ග හා පියවර යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙම භාෂා ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපිත කළේ යම් පුරවැසියෙකුට භාෂා සම්බන්ධයන් යම් ගැටලුවක් ඇතිවූ වහාම එයට ආයතනික මට්ටමේ මැදිහත්වීමකින් යුතුව විසදුම් ලබාදීමට බව කියා සිටි අතිරේක ලේකම් අනුරාධ විජේකෝන් මහතා මෙම භාෂා ඇමතුම් මධ්‍යස්ථානය 2012 වසරේ අරඹා මේ වන විට සක්‍රීයව ක්‍රියාත්මක වන බවද සදහන් කළේය.

මෙම මධ්‍යස්ථානයෙහි සේවා ලබාදීම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන බවද පුරවැසියෙකුට රාජ්‍ය සේවය ලබාගැනීමකදී හෝ වෙනත් අවස්ථාවකදී යම් භාෂාමය ගැටලුවක් මතු වුවහොත් හෝ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය වීමක් සිදු වුවහොත් 1956 ට අමතා ගැටලු පැමිණිලි අදහස් යෝජනා ඉදිරිපත් කළ හැකි බවද අවධාරණය කළේය.

මෙම භාෂා ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීම සඳහා කිසිදු ගාස්තු අයකිරීමක් සිදුනාකරන බවද සතියේ දින 05ම උදෑසන 08.30 සිට සවස 04.30 දක්වා මෙය ක්‍රියාත්මක වන බවද අනුරාධ විජේකෝන් මහතා පැවසුවේය.

සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා 03හිම අක්ෂර වින්‍යාස ගුටලු සදහාද මෙමගින් ක්ෂණික විසදුම් ලබාදෙන බවද වාක්‍ය හා වචන සම්බන්ධයෙන් වන ක්ෂණික පරිවර්තන අවස්ථාවන් සදහා ඉතා කෙටි කාලයකින් විසදුම් ලබාදෙන බවද අතිරේක ලේකම්වරයා අවධාරණය කළේය.

1956 ක්ෂණික ඇමතුම් අංකයට අතිරේකව විමසීම් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ 0112696211 අංකයද, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ 0112888929 අංකයද, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ 0112889259 අංකයද, ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයෙහි 0112086420 අංකයද ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවද සදහන් කළේය.