Monday, 29 April 2024

ශ්‍රී ලංකාවට හිරු සෘජුව ඉහළින්- ආණමඩුව, දඹුල්ල, බෙල්ලනේවල සහ කල්කුඩා යන ප්‍රදේශ වලට හිරු මුදුන් වෙයි

Posted On Monday, 10 April 2023 10:17

ශ්‍රී ලංකාවට හිරු සෘජුව ඉහළින්- ආණමඩුව, දඹුල්ල, බෙල්ලනේවල සහ කල්කුඩා යන ප්‍රදේශ වලට හිරු මුදුන් වෙයි

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. (10 දිනා දහවල් 12:11 ට ආණමඩුව, දඹුල්ල, බෙල්ලනේවල සහ කල්කුඩා යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති බවද අද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.