Friday, 03 May 2024

වෙරළබඩ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Posted On Tuesday, 04 April 2023 05:44

වෙරළබඩ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම, සබරගමුව,දකුණු සහ උතුරු මැද පළාත්වල ත්‍රිකුණාමලය, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී.50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල සිට මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.