Friday, 03 May 2024

සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සමුගනී

Posted On Tuesday, 28 March 2023 06:24

සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සමුගනී

 

ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ යුග පුරුෂයෙකු වූ සංගීත නිපුන් සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වන විට සනත් නන්දසිරි මහතා 81 වන වියේ පසු වී තිබේ. කලක් රෝගී තත්ත්වයෙන් පසු වූ ඒ මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

සනත් නන්දසිරි මහතා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන් වන කුලපති ලෙස ද කටයුතු කර ඇති අතර ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අමරණීය ගීත නිර්මාණ රැසක් දායාද කළේ ය.

2019 දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඔහු ජනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.
“මහද වීණා” "සඳ බලන්න" සහ "ගමේ කෝපි කඩේ" ගීත ජනතාවගේ ආදරයට පාත්‍ර විය. 1974 දී නන්දසිරි සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘ස්වර්ණ කුණ්ඩල’ පැවැත් වූ අතර එය පසුව ප්‍රසංග 250කට අධික සංඛ්‍යාවක් පවත්වා තිබේ. "ස්වර්ණ කුණ්ඩල" "කිසිවක් නොකියන""එගොඩ කන්දේ" "එක යායට මල්" සහ "මම නම් ආසයි" එදාමෙදා තුර, ආදරේ නැහැ ආදරේ, ඈත එපිට ගම්මානෙන්, දඟකාර ඔය දෑස, ආදී ගීත 140කට අධික සංඛ්‍යාවක් ඔහු විසින් කලා ලොවට දායාද කර තිබේ.