Friday, 10 May 2024

එළ ගවයන්,මී ගවයන් සහ එළුවන් මියයෑමට හේතුව අධික සීතල හේතුවෙන් ඇති වූ කම්පනයයි

Posted On Wednesday, 14 December 2022 06:03

එළ ගවයන්,මී ගවයන් සහ එළුවන් මියයෑමට හේතුව අධික සීතල හේතුවෙන් ඇති වූ කම්පනයයි

 

උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළ ගවයන් ,මී ගවයන් සහ එළුවන් මියයෑමට හේතුව අධික සීතල හේතුවෙන් ඇති වූ කම්පන තත්වයක් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

පේරාදෙණිය සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස්වලට අනුව මෙම විමර්ෂණය සිදු කර ඇති අතර එම වාර්තාව ඊයේ(13) අමාත්‍යවරයාට භාර දී ඇත.

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළගවයින්, මී ගවයින් හා එළුවන් 1660ක් පමණ මරණයටපත් වූ අතර තවත් සතුන් විශාල ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත් විය.

උතුරු නැගෙනහිර පළාත්වල සතුන් දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයට හුරු වී සිටින නිසා හදිසියේ සිදුවූ කාලගුණික වෙනස්කම් නිසා ඇති වූ අධික සීතලටඑම සතුන් ඔරොත්තු දීමට අපහසුව ඇත. ඒ හේතුවෙන් ඇති වූ කම්පන තත්ත්වය මෙම මරණවලට හේතුවී තිබේ