Sunday, 12 May 2024

මෙවර උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැළසුම්- අධ්‍යාපන අමාත්‍ය

Posted On Monday, 04 July 2022 16:49

මෙවර උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැළසුම්- අධ්‍යාපන අමාත්‍ය

 

මෙවර උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත් වීමට සැළසුම් කර ඇති බවත්, විභාග අභිමුඛව සිටින දරුවන් වෙනුවෙන් අගෝස්තු , සැප්තැම්බර්, සහ ඔක්තොම්බර් මාස තුළ විවිධ සැසි පැවැත් වීමට සැළසුම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ගණිත,විද්‍යා,වාණිජ ,කලා ගුරුවරුන් සඳහා රජයේ විශ්වවිද්‍යාල 17ක් සම්බන්ධ කර ගනිමින් මෙම පුහුණු සැසි පවත්වනු ලැබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විට විදුහල්පතිවරු 4000ට උසස් වීම් ලබා දියයුතු බවද , එළඹෙන ජනවාරි මාසය වන විට එම උසස්වීම් ලබා දී අවසන් කරන බවද කීය. තවද අලුතින් ගුරු සේවයට බඳවාගත් ගත් උපාධිධාරින් 24,000ටද පුහුණුව ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

ප්‍රාථමික සහ ද්වීතීක වශයෙන් මෙරට පාසල් වර්ගීකරණය වෙනස් විය යුතු බවත් ජාත්‍යන්තර වශයෙන් ද ඇත්තේ එම ක්‍රමය බවත් පෙන්වා දුන්
අමාත්‍යවරයා,මෙමඟින් ගුරුවරු ස්ථානගත කිරීම පහසු බවද පෙන්වා දුන්නේය.