Tuesday, 30 April 2024

කුවේට් සිට පැමිණි අවතැන් ශ්‍රමිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සහන

Posted On Thursday, 01 August 2019 06:23

කුවේට්හි විවිධ කරදර වලට ලක්ව අවතැන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 57 දෙනෙකු 2019 ජූලි 29 වන දින යූ .එල්. 230 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි අතර, මේ සම්බන්ධයෙන් කුවේට් තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පූර්ව දැනුම්දීමක් කර  තිබූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.



ඒ අනුව, කාර්යාංශයේ කටුනායක සහන පියස මඟින් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලන ලදී. මෙහිදී අසනීප තත්ත්වයෙන් පැමිණි කාන්තාවන් 11 දෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු රෝහල් ගත කරන ලදී. අනෙකුත් අය ගුවන්තොටුපල වෛද්‍ය මධ්‍යස්ථානය හරහා පරීක්ෂාවෙන් අනතුරුව සිය ඥාතීන්හට භාරදී ඇත.

 තවත් කාන්තාවන් 20 දෙනෙකුට සිය ගමනාන්තය දක්වා අවශ්‍ය ප්‍රවාහන ගාස්තු ගෙවා සිය නිවෙස්කරා යාමට සළසා දී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.