Tuesday, 30 April 2024

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් හෙට සිට

Posted On Thursday, 13 June 2019 09:42

එළැඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන,14 වැනිදා සිට 18වැනිදා අලුයම දක්වා එම ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කරයි.



ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමෙන්තුව සහ ජාතක ගමනාගමන කොමිසම් සභාව යන ආයතනවල දායකත්වයෙනි. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පොසොන් උත්සවය වෙනුවෙන් රජරට, කොළඹ, මහනුවර, ගම්පහ, වයඹ යනාදි ලෙස ප්‍රාදේශික 5ක් ආවරණය වන පරිදි බස්රථ 600ක් ධාවනයට යොදවා තිබේ. එම බස්රථවලට අමතරව ඕනෑම අවස්ථාවක යෙදවිය හැකි ලෙසට අතිරේක බස්රථද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සූදානම් කර තිබේ.

එහි විශේෂත්වය වන්නේ පසුගිය වර්ෂයට වඩා මෙවර නව ගමන්වාර කිහිපයක් හඳුන්වා දීමයි.

ඒ අනුව කන්තලේ ඩිපෝවෙන් කන්තලේ සිට සේරුවාවිල දක්වාත් දඹුල්ල ඩිපෝවෙන් ඇල්ල හරහා මහියංගණය සිට අනුරාධපුරය දක්වාත් අනුරාධපුර ඩිපෝවෙන් අනුරාධපුර මිහින්තලේ දක්වා සහ අනුරාධපුරය සිට තන්තිරිමලය දක්වාත් නව ගමන්වාර ඇතුළත් කර තිබේ.

අනුරාධපුරය දුම්රිය ස්ථානයේ සිට මිහින්තලේ පියගැටපෙළ දක්වාද විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මකය. මීටපෙර අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සේවාවල ගමනාන්තය වූයේ අනුරාධපුරය වේ.

කෙසේනමුත් මෙවර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආරම්භවන පොසොන් සේවා බස්රථ මිහින්තලය දක්වාම ධාවනය කිරීමට කටයුතු කර ඇතැයි ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පවසයි. මේ අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය ලබන 14වැනිදා සිට දහවල සිට අනුරාධපුරය සහ මිහින්තලය අතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කෙරේ.

ඊට අමතරව කොළඹ කොටුව - අනුරාධපුරය, මහව - අනුරාධපුරය, අනුරාධපුරය - බෙලිඅත්ත යනාදි ලෙසද විශේෂ දුම්රිය යොදවා ඇත.