Thursday, 02 May 2024

 

එක්සත් ජාතීන්ගේ මාලි හි ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුමේ සේවය කිරීම සඳහා තවත් හමුදා භට පිරිසක් අද (ජූලි 2) මාලිබලා පිටත්ව ගියහ.

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව ඇතුළු රෙජිමේන්තු ගණනාවක නිලධාරීන් සහ සෙසු නිලයින්ගෙන් මෙම කණ්ඩායම සමන්විත වේ.

බ්‍රිගේඩියර් කේ.එල්.එස්.එස්. ලියනගම සහ හමුදා භට කණ්ඩායමේ පවුලේ සාමාජිකයන් ඔවුන් පිටත් කර හැරීමට ගුවන්තොටුපළට පැමිණ සිටියහ.

Posted On Sunday, 02 July 2023 22:00

දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ වැඩසටහනට පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සේවක අර්ථසාධක අරමුදලට සිදු වූහානිය සම්බන්ධයෙන් සමස්ත කම්කරු පන්තියෙන් සමාව ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකසුනිල් හඳුනෙත්ති මහතා පවසයි.

 මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑම සඳහා උපක්‍රමශීලීව අනුමතිය ලබාගනිමින් කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව නොමඟ යවා ඇති බව ඔහු පවසයි.

 අහිංසක වැඩකරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල උපක්‍රමශීලීව කොල්ලකන අතරේ ආණ්ඩුවේ ගජමිතුරන්, ප්‍රාථමිකවෙළෙඳුන් සහ පෞද්ගලික බැඳුම්කර ක්‍රියාවලියෙන් නිදහස් කර ඇති බව ඔහු පැවසීය. භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනයකර ඇති සේවක අර්ථසාධක අරමුදලට 2025 දක්වා සියයට 12ක පොලියක් ගෙවන බවත් 2026 සිට 2038 දක්වා  ප්‍රශස්තකරණය කිරීමේ ක්‍රියාවලියට අනුව ගෙවන්නේ සියයට 9ක ස්ථාවර පොලියක් පමණක් බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවක්අමතමින් හඳුනෙත්ති මහතා පැවසීය.

 

ඩීඩීආර් වැඩසටහන හඳුන්වා දීමට ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සේවක අර්ථසාධක අරමුදලට සිදු වූ හානිය සම්බන්ධයෙන් තමන්ටඡන්දය දුන් කම්කරු පන්තියෙන් සමාව ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

Posted On Sunday, 02 July 2023 20:53

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දෙමළජාතික සන්ධානයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කර ඇත.

ඉදිරි මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමසම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන පක්ෂයකට දෙමළ පක්‍ෂ සහය දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයිසේනාධිරාජා මහතා පැවසීය. “අපගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් ලබාදීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන පක්ෂයකට අපිඅපේ සහයෝගය ලබා දෙනවා,” ඔහු පැවසීය.

Posted On Tuesday, 04 July 2023 20:10

 

කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ක්‍රියාකාරකම් 2023 ජුනි 2 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලදී.

 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ඇගයීම සඳහා සංවර්ධන යෝජනා ලබාගැනීමට සහ සැලසුම් නිෂ්කාශන, සංවර්ධන බලපත්‍ර, සහ අනුකූලතා සහතික නිකුත් කිරීමට දැන් විවෘතව ඇත. වර්ග මීටර් මිලියන 6.3 ක ගොඩනැගිය හැකිප්‍රදේශයක් පුරා පැතිරී ඇති අනුමත ප්‍රධාන සැලැස්මට සමගාමීව මරීනා පහසුකම්, සුඛෝපභෝගී විලාස්, මහල් නිවාස, ඒකාබද්ධනිවාඩු නිකේතනයක්, සම්මේලන මධ්‍යස්ථානයක්, ජාත්‍යන්තර පාසලක් විශ්ව විද්‍යාලය, රෝහලක්, මූල්‍ය මධ්‍යස්ථානයක් යනාදිය. ඇතුළු විවිධ පහසුකම් සඳහා ජාත්යන්තර මට්ටමේ පරිසරයක් ලබා දෙනු ඇත.

 කොළඹ වරාය නගරයේ මෙම සියලුම සංවර්ධන කටයුතු අලුතින් ප්‍රකාශයට පත් කරන ලද DCR 2023 හි රෙගුලාසි වලට යටත්වේ.

Posted On Tuesday, 04 July 2023 04:51

මහජන චීන සමූහාණ්ඩුවේ නිල ගුවන් සේවය වන එයාර් චයිනා, අලුතින් ඉදිකරන ලද චෙන්ඩු ටියැන්ෆු ජාත්‍යන්තර ගුවන් තොටුපළ, සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර සතියකට තුන් වතාවක් ගුවන් ගමන් නැවත ආරම්භ කළේය.

 පළමු ගුවන් යානය අද (04)උදෑසන මගීන් 142 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් නව දෙනෙකු සමඟ පැමිණියේ ය. කොළඹ සිටි චීන නියෝජිත Qi Zhen Hong සහ Air China Asia-Pacific කලාපීය කළමනාකරු Xue Jun ගුවන් යානයපිළිගැනීමට ගුවන් තොටුපළට පැමිණ සිටියහ. COVID-19 පැතිරීමත් සමඟ එයාර් චයිනා ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම්තාවකාලිකව අත්හිටුවා තිබුනි.

Posted On Tuesday, 04 July 2023 18:50
Page 100 of 718