Displaying items by tag: ජයවර්ධනපුර රෝහල අතුලුව රෝහල් හතරක PCR යන්ත්‍ර
Friday, 06 November 2020 11:24
ජයවර්ධනපුර රෝහල අතුලුව රෝහල් හතරකට PCR යන්ත්‍ර
කොවිඩ් ආසාදිතව සිට සුවවූ නම සදහන් නොකරන අයෙකු පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් ලබා දී තිබේ.
ඉන් අනතුරුව, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මගින් දැනට සිදුකරන පී.සී.ආර්. ප්‍රමාණය වැඩි කිරීමට තීරණය කර ඇති වාර්තා වේ.
ඒ අනුව දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 300 ක් පමණ සිදු කිරීමට බලාපොරොත්තු වන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා පැවසුවේය.
ජයවර්ධනපුර මහ රෝහල සතුව මීට පෙර පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රයක් නොතිබුණු අතර එම රෝහලේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ගෙන ඇත්තේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය හරහා ය. මීට අමතරව රජය මගින් කුරුණෑගල , කෑගල්ල හා කඵතර රෝහල් සදහා ද අලුත් PCR යන්ත්‍ර ලබා දී තිබේ.
Published in
පුවත්
Tagged under