Wednesday, 14 June 2023 10:02
පැරිසියේදී නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා ඉහළ පෙළේ සාකච්ඡා
පැරිසියේදී ජූනි 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුම සඳහා වන අන්තර්ජාතික නායක සමුළුවේ ඉහළ පෙළේ විද්වත් සාකච්ඡාවක් ඇමතීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබේ.
මෙම අවස්ථාවට රාජ්‍ය හා රජයේ ප්‍රධානීන්, ජාත්‍යන්තර සංවිධානවල නායකයින් සහ සිවිල් සමාජයේ නියෝජිතයින්, පදනම්, අරමුදල් සහ පෞද්ගලික අංශයේ ප්‍රවීණයන් සහභාගී වෙති.
Published in
නව පුවත්
Wednesday, 07 June 2023 07:22
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයක්
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් පළමු ඉන්දියා-ශ්‍රී ලංකා ආරක්ෂක සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය 2023 ජුනි 7 වන දින කොළඹ ටාජ් සමුද්‍රාහිදී සංවිධානය කරයි.
මෙම අවස්ථාවට ඉන්දීය ආරක්ෂක ක්ෂේත්‍රය, ශ්‍රී ලංකා ව්‍යවසායකයින්, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්, පොලීසිය සහ විශේෂ කාර්ය බලකායේ සහභාගී වේ. ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන අතර, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, සහ සේවා ආඥාපතිවරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
ආරක්‍ෂක උපකරණ නිෂ්පාදනය සම්බන්ධයෙන් දෙරටේ ඇති හැකියාව හුවා දක්වන සම්මන්ත‍්‍රණයක් මෙම මහා උත්සවයට ඇතුළත් වන අතර විවිධ ආරක්‍ෂක නිෂ්පාදන ප‍්‍රදර්ශනය කිරීමට ද නියමිතය. මෙම උත්සවය, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් සඳහා ධාරිතා ගොඩනැගීම සහතික කරන අතරම, ආර්ථික පුනර්ජීවනය සඳහා සහයෝගීතාවයේ නව ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සබඳතා ගැඹුරු කිරීමට ඉන්දීය රජය දරන ප්‍රයත්නයට අනුකූලව කටයුතු කරයි. ප්‍රදර්ශනය
මහජනතාවට විවෘත වන අතර, විවිධ ආරක්ෂක උපකරණ ප්‍රදර්ශනය කර ඇති අයුරු දැක බලා ගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දෙයි.
Published in
නව පුවත්
Wednesday, 14 June 2023 06:09
වෛද්‍ය උපකරණ අලුත්වැඩියාවට රුපියල් බිලියන හතරක්
Published in
නව පුවත්
Wednesday, 14 June 2023 06:03
එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය ආශ්‍රිත බරපතල අල්ලස් හා දූෂණ චෝදනා ඉස්මතු කරමින් පාරිසරික යුක්තිය සඳහා වූමධ්‍යස්ථානය විසින් ගොනු කරන ලද FR පෙත්සමට මැදිහත් වීමට TISL උත්සාහ කරයි.
එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය ආශ්‍රිත බරපතල අල්ලස් හා දූෂණ චෝදනා ඉස්මතු කරමින් පාරිසරික යුක්තිය සඳහා වූමධ්‍යස්ථානය විසින් ගොනු කරන ලද FR පෙත්සමට මැදිහත් වීමට TISL උත්සාහ කරයි.
Published in
නව පුවත්
Wednesday, 14 June 2023 05:54
ආසියාවේ හොඳම විද්‍යාඥයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක්
Published in
නව පුවත්
Page 168 of 772