ප්‍රජනක පද්ධතියට කිසිදු සම්බන්ධයක් නොමැති, ගර්භාෂයෙන් පිටත ඉන්ද්‍රිය පොකුරක් තුළ වර්ධනය වූ කලලයක් සහිතකාන්තාවක් සාර්ථක සිසේරියන් සැත්කමක් මගින් ඊයේ (ජුනි 16) කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී සිය දරුවා ලබා ගැනීමටසමත් වුවාය.

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඉෂාන් ද සොයිසා, ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේදවිශේෂඥ වෛද්‍ය මොහොමඩ් රිෂාඩ්, උපදේශක වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න, සහ නිර්වින්දන වෛද්‍ය හර්ෂන් ලිඛිතවෛද්‍යවරයා ඇතුළු පිරිසක් මෙම සැත්කම සිදු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමකට ඇතුළත්.

ගැබිණි මව්වරුන් තිස් දහසකින් එක් අයෙකු මුහුණ දෙන ඉතා දුර්ලභ ආකාරයේ දරු ප්‍රසූතියකට 21 හැවිරිදි මෙම මව මුහුණ දීඇති බව වෛද්‍යවරු ප්‍රකාශ කළහ. ඇය කින්නියා ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට පනවා ඇති ජාත්‍යන්තර සංචාරක තහනමට සහ කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ ජන සංහාර පිළිබඳඅසත්‍ය චෝදනාවලට දැඩි විරෝධය පළ කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව අදාළ නිලධාරීන්ටඋපදෙස් දී තිබේ.

හමුදා නිලධාරීන්ගේ චිත්ත ධෛර්යයට බලපාන බැවින් ඔවුන්ට පනවා ඇති ජාත්‍යන්තර සංචාරක තහනමට එරෙහිව නැගී සිටීමේවැදගත්කම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකරමහතා පෙන්වා දුන් අතර විදේශ කටයුතු අමාත්‍යාංශය මෙය විසඳීමට මැදිහත් විය යුතු බව පෙන්වා දුන්නේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය පාර්ලිමේන්තු සතියේදී රැස් වූ අතර, එහි සභාපති ආචාර්යසරත් වීරසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙරට හමුදා නිලධාරීන්ට පනවා ඇති සංචාරක තහනමට එරෙහිවීමට අවශ්‍ය සියලු කරුණු එක්රැස් කර අදාළ තානාපතිවරුන්ටලබාදෙන ලෙස එම කමිටුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකාව යනු දරුස්මාන් සහ OICL වාර්තා දෙකෙන්ම තහවුරු වන පරිදි සාම්ප්‍රදායික නොවන හමුදා ගැටුමක් පැවති රටකි. එබැවින් හමුදා නිලධාරීන්ට විදෙස් ගමන්තහනමක් පැනවීම ජිනීවා සම්මුතියටද පටහැනි බැවින් මේ පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙස සභාපතිවරයා අදාළනිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

 

 

ප්‍රංශයේ පැවති ජාත්‍යන්තර පොලිස් සංගම් සමුළුවට සහභාගී වූ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් ක්‍රීඩා කොට්ඨාශ නිලධාරීන්සිව් දෙනෙකු ආපසු පැමිණ නැත. ඔවුන් සමඟ ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු වසර 5ක කාලයක් නිවාඩු ලබාගෙන ඇති අතර, ඔහු එංගලන්තයේ රැඳී සිටීමට තීරණය කර තිබේ.

මෙම පොලිස් නිලධාරීන් මැයි 23 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි. නිවාඩු අවසන් වූ බව නිලධාරීන් ට දන්වාලිපියක් නිකුත් කර ඇති බව  පොලිස් ආරංචි මාර්ග  කියයි.
පස් කන්දක් කඩා වැටීමෙන් ඉදිකිරීම් සේවකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට.
 
 

 

 නුවරඑළිය පැරණි කච්චේරිය ප්‍රදේශයේ නිවසක කොන්ක්‍රීට් තාප්පයක් ඉදිකරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකු පස් කන්දක් කඩාවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. තාප්පයේ අත්තිවාරම ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරු විසින් කිසිදු ආරක්‍ෂිත ක්‍රමයක්නොමැතිව පස් කපා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කරඇති අතර, පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 

 

හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ලන්ඩන් මහ කොමසාරිස්වරයා ලෙස අගෝස්තු 1 වැනිදා සිටක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

බෝගොල්ලාගම මහතා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. නිකවැරටියෙන් එජාප මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ බෝගොල්ලාගම මහතා 2001 සිට 2003 දක්වාවික්‍රමසිංහ රජයේ කැබිනට් නොවන අමාත්‍යවරයෙකු ලෙස පත් කරන ලදී. පසුව ඔහු එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යටතේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයට ගියේය.