ගණේමුල්ල ගුවන් පාලම අද ජනතා අයිතියට
ගණේමුල්ල දුම්රිය මාර්ගය මතින් ඉදි කරන ලද ගුවන් පාලම අද (11) පෙරවරුවේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.
මාතරින් මැතිවරණ පැමිණිලි 94 ක්
2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයට මේ වන විට මැතිවරණ පැමිණිලි 94 ක් ලැබී ඇති බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී / දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.
ශ්රී ලාංකික කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා
විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික කාන්තා ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ. ඒ අනුව ජපන් භාෂා ප‍්‍රවීනතාව N4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18-30ත් අතර ලාංකික තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
රේගු විභාගයක් ලබන 1දා
ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2017 (2018) ලබන 13 වන දා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි.
පාසල් නිල ඇඳුම් වවුචර්වල වලංගු කාලය දීර්ඝ කෙරේ
පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට දී තිබූ වවුචර්වල වලංගු කාලය ජනවාරී 30 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරවරයා උපදෙස් ලබා දී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. කිසියම් හේතුවක් මත වවුචරපත්වලින් නිල ඇඳුම් මිලදී ගැනීමට මෙතෙක් නොහැකි වූ සිසුන්ට සිදුවන අපහසුතාව සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.