අද වාහන ගමනාගමනය සීමා කෙරෙන මාර්ග
තෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අද (22) පස්වරු 1.20ට පමණ දිවයිනට පැමිණීමට නියමිත ඇත. ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව මැදපාර Shangri-La හෝටලය වෙත ගමන් කරන බැවින් එම කාලය තුළ එම මාර්ගයන් හි වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන අනිවාර්ය කිරීම ජූලි සිට
ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 දා සිට තහනම් කෙරේ.
දිවයිනේ වියළි හා ශීත කාලගුණයක්
දිවයිනේ බොහෝ පලාත්වල වියලි කාලගුණ තත්වයන් සමඟ සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි දිනවලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳව ගුරුවරු දැනුවත් කෙරේ
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ගුරුවරුන් සඳහා වූ දැනුවත් කිරීමේ වැඩමුළුවක් හෙට (19) මතර දී පැවැත්වෙයි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් වැඩමුළුව සංවිධානය කර ඇත. පෙ.ව 9.30 ට pearl cliff Hotel හී දී වැඩමුළුව පැවැත්වෙයි.
ඉදිරි දින කිහිපයේදී නුවරඑළියට මල් තුහින
ඉදිරි දින වල දී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.