සන්නස තෝරන ජායාරුපය

ස්වීඩන් ජාතික ඉන්ග්වාර් කම්ප‍්‍රාද් සාර්ථක ව්‍යවසායකයෙකු වශයෙන් ජාත්‍යන්තර ඇගයීමට ලක්ව තිබේ. ව්‍යවසාය අංශ ගණනාවක සමත්කම් දක්වන ලද හෙතෙම ගෘහ භාණ්ඩ සැලසුම්, නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධ අලූත් සංකල්ප අනාවරණය කරන ලද දක්ෂ පුද්ගලයෙකි. මාස කිහිපයකට කලින් එනම් ජනවාරියේ මැද හෙතෙම ජීවිතයෙන් සමුගත් අතර ඒ වන විට

 

රට තුළ පැවැති කොරෝනා වසංගතයත් සමග මෙරට ජන ජීවිත රැසක් බිඳ වැටුණ අතර තමන්ටද මෙයින් විශාල බලපෑමක් එල්ල වූ බව අසරණ තත්ත්වයකට පත්ව සිටින තෙළිඟු ජනතාව පවසයි.

තැන තැන ගොස් කූඩාරම් අටවා ගනමින් ගත කළ ඔවුන්ගේ දිවි පෙවෙත මේ වන විට එක් ගම්මානයකට කොටුවී ඇත. ඔවුන් පාරම්පරිකව කරගෙන පැමිණි වන සතුන් නැටවීම, සාස්තර කීම් වැනි රැකියා ඔවුන්ගෙන් ගිලිහී යමින් පවතින අයුරුද දැකගත හැකි වේ. අනුරාධපුරය දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියඹලාගස්වැව ගම්මානයේ ජීවත් වන තෙළිඟු ජනතාවටද මෙම ගැටලු බෙහෙවින්ම බලපා ඇති බව ඔවුහු පවසති. රැකියා සඳහා නිවෙස් වෙත යාම තහනම් වීම ජනතාව රැස්වන ස්ථානවල ගැවසීම තහනම් වීම් හා මුඛ ආවරණ පැලඳීම නිසා සාස්තර කීම වැනි ක්‍රියාවන් කරගත නොහැකි වීම හේතුවෙන් ඔවුන් දැඩි ලෙස ආර්ථික අපහසුතාවන්ට පත්ව ඇත.

අනෙකුත් ජනයාට ආධාර, උපකාර ලබාදෙනවිට තමන් කෙරෙහි කිසිදු බලධාරියෙක් අවධානය යොමු නොකළ බව මෙම ජනතාව කියන්නේ ශෝකාබරිතවය. මෙම ජනතාව තමන් පත්ව ඇති අසරණ බාවය පිළිබඳ පවසා සිටියේ මෙසේය:

කාලි අම්මා - ‘‘අපි මෙච්චර කාලයක් මේ ගමේ අපේ පරණ රස්සාව කරලා තමයි ජීවත් වුණේ. ළමයි ගෙවල්ල දාලා අපි ගමේ ගොඩේ ගිහින් සාස්තරයක් කියලා ඒ ඇත්තෝ දෙන දෙයක් එකතු කරගෙන ඇවිත් තමයි මේ ළමයින්ට කන්ඩ බොන්ඩ දුන්නේ. අපි ගැන කිසිම කෙනෙක් හොයලා බලන්නේ නෑ. දැක්කත් ගොඩාක් මිනිස්සු අපිව පහත් විදියටයි සලකන්නේ. ඒත් අපි ඒ හැම දෙයක්ම ඉවසා දරාගෙන තමයි මේ විදියට ගෙවල් ගාණේ ගිහින් ජීවත් වුණේ. ඒත් මේ ලෙඩේ ආවට පස්සේ අපිට ගෙවල්වලින්වත් එළියට බහින්න විදියක් නෑ. පහුගිය කාලෙම ඇඳිරි නීතිය නිසා පාරකට බහින්න බැරි වුණා. අපි දවස් ගණන් බඩගින්නේ ඉඳලා ළමයින්ට මොනවා හරි තම්බලා දීලා බලන් හිටියා.

අපි ගැන හොයලා බලන්න කිසිම කෙනෙක් ආවේ නෑ. අපිට මූණු වහන ඒවා නෑ. අපේ ළමයි හදිස්සියකට හරි පාරට ගි​යොත් රෙදි කෑල්ලකින් මූණ බැඳගෙනයි යන්නේ. අපිට දැන් ගෙවල් ගාණේ යන්න බෑ. මොකද මේ ලෙඩේ නිසා අපිව ගන්නේ නෑ. අපිට දැන් කන්න බොන්නත් නැහැ. මේ ගමේ ළමයි ගොඩාක් ඉන්නවා. එයාලට කන්න බොන්න දෙන්න විදිහක්වත් අපට නෑ.’’

සින්නසාමි - ‘‘අපි ඉස්සර නයි, රිළවු නටවලා, මාළුවෙක් අල්ලලා කීයක් හරි හොයාගෙන තමයි ජීවත් වුණේ. දැන් අපිට අපේ ඒ රස්සා කරන්න බැරිවෙලා තියෙනවා. එහෙන් වනජීවි එකෙන් අල්ලගෙන යනවා අපේ නයි, රිළව් සත්තු ටික. අනිත් පැත්තෙන් දැන් මිනිස්සු ඒවා බලන්න කැමැති නෑ. සෙනඟ ගොඩාක් ඉන්න තැන්වල සත්තු නටවද්දී පොලිසියෙන් එළවනවා. ඒ වගේ ගැටලු ගොඩක් අපිට තියෙනවා.

මේ දවස්වල මේ ලෙඩෙත් එක්ක අපිට කිසිම දෙයක් කරකියා ගන්න බැරිවෙලා ඉන්නේ. අපිට රස්සාවකට යන්න බෑ. අපිට හැමතැනම යන්නත් දැන් බෑ. පෝලිම්වලට අපිව ගන්නේ නෑ. බෙහෙත් ටිකක් ගන්න ගියත් අපිට ප්‍රශ්න ගොඩයි.

අපි හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. අපි ගැන කිසිම කෙනෙක් හොයලා බලන්නේ නෑ. අපිත් මේ රටේ මිනිස්සු. අපේ ළමයින් බඩගින්නේ ඉන්නේ. අපි කියන්නේ අපි ගැනත් හිතලා බලලා අපිට උදව්වක් කරන්න කියලයි.

මෙලෙස අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින අපේ රටේ ජීවත් මෙම ජන කොට්ඨාසය පිළිබඳ බලධාරින්ගේ මෙන්ම අනෙකුත් ජනතාවගේද අවධානය යොමු කර මෙම ජනතාවගේ කුසගිනි නිවා ගැනීමට ඔවුන්ගේ ජීවිත නගා සිටවීමට විධිමත් වැඩ පිළිවෙළක් සකසා දීමට දැන්වත් බලධාරීන්ගේ දෑස් යොමුවිය යුතුය.’’

ඩ්නි රුවන් - කහටගස්දිගිලිය- අරුණ පුවත්පත 

කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා චුන් පාන් කරුවෙකු නවතා පාන් මිලදීගන්නා ආකාරය

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මහතාගේ මරණයට