Tuesday, 08 September 2020 06:37

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාග රූපවාහිනිය ඔස්සේ සජීවීව පෙන්වන්නැයි ඉල්ලීමක්

 

ආණ්ඩුව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාග සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීමට අදාළ පහසුකම් ඇති කරන ලෙසට ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු නීතිඥවරුන් 300 ට අධික පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්විය බවට විධිවිධාන සලකා ඇති බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් නීතිඥ අරුණ ලක්සිරි පවසා සිටියි.

ඒ අනුව ජනතාවගෙ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක වන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග රූපවාහිනිය ඔස්සේ  සජීවීව විකාශනය කිරීමට අදාළ පහසුකම් සපයා දෙන ලෙසට ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.