Saturday, 27 April 2024

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයින් තීරණය කර ඇත.කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පැවති පක්ෂ නායක රැස්වීමේදී ඔවුන්ගේ තීරණයකථානායකවරයා වෙත දන්වා තිබේ.

 ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායක රැස්වීම කැඳවා තිබිණි. පක්‍ෂ නායකයන් ගන්නා ඕනෑමතීරණයකට තමන් එකඟ වන බව ජනාධිපතිවරයා අගමැතිවරයාට දන්වා තිබිණි. ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබන ජාතික ජනබල වේගය සහ සමගි ජනබල වේගය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් මෙමරැස්වීමට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබේ.

මුලදී ඉල්ලා අස්විය යුතු බවට කළ ඉල්ලීම, නොතකා හරින ලද අගමැතිවරයා පසුව සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවපිහිටුවීමෙන් පසු තමන් එසේ කිරීමට කැමති බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා ඉල්ලා අස් වුවහොත් ඉතිරි කාලය සඳහා පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයකු තෝරා පත්කර ගන්නා තෙක් අගමැතිවරයා මඟ හරිමින් කථානායකවරයා  පාලනයභාරගනු ඇත.

Posted On Saturday, 09 July 2022 14:55

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ හතකට පොලිස් ඇදිරි නීතිය පැනවෙයි

Posted On Friday, 08 July 2022 16:29

ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න - පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

Posted On Friday, 08 July 2022 16:26
විරෝධතාකරුවන්ට සාමකාමීව විරෝධතාවල නියැලීමට ඉඩ සලසන ලෙස අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් පොලිසියෙන් සහ ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලා සිටියාය.
ප්‍රචණ්ඩත්වයෙන් රටට කිසිදු යහපතක් සිදු නොවන බව ඇය විරෝධතාකරුවන්ට සිහිපත් කර ඇත.
ශ්‍රී ලංකා ආර්ථිකය නිවැරදි කිරීමට හෝ අත්‍යවශ්‍ය දේශපාලන ස්ථාවරත්වයක් ව්‍යාකූලත්වය ගෙන නොයනු ඇතැයි ඇය පැවසුවාය.
Posted On Friday, 08 July 2022 10:54

සියාම් සමාගමේ ගෑස් ටෙන්ඩරය අවලංගු කිරීම සහ වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් - කෝප් කමිටුවෙන් නිර්දේශ

Posted On Thursday, 07 July 2022 09:21