Thursday, 02 May 2024

නෙදර්ලන්තයෙන් පැටවු බිත්තර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සූදානමක්

Posted On Friday, 09 June 2023 16:47

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයක්

Posted On Wednesday, 07 June 2023 09:50

කළුතර ප්‍රාදේශීය බලප්‍රදේශ දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

Posted On Wednesday, 07 June 2023 08:51

ලෝක ආහාර ආරක්ෂිතතා දිනය අදයි

Posted On Wednesday, 07 June 2023 08:48

 

 ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් පළමු ඉන්දියා-ශ්‍රී ලංකා ආරක්ෂක සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය 2023 ජුනි 7 වන දින කොළඹ ටාජ් සමුද්‍රාහිදී සංවිධානය කරයි.
 
මෙම අවස්ථාවට ඉන්දීය ආරක්ෂක ක්ෂේත්‍රය, ශ්‍රී ලංකා ව්‍යවසායකයින්, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්, පොලීසිය සහ විශේෂ කාර්ය බලකායේ සහභාගී වේ. ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන අතර, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, සහ සේවා ආඥාපතිවරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
 
ආරක්‍ෂක උපකරණ නිෂ්පාදනය සම්බන්ධයෙන් දෙරටේ ඇති හැකියාව හුවා දක්වන සම්මන්ත‍්‍රණයක් මෙම මහා උත්සවයට ඇතුළත් වන අතර විවිධ ආරක්‍ෂක නිෂ්පාදන ප‍්‍රදර්ශනය කිරීමට ද නියමිතය. මෙම උත්සවය, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් සඳහා ධාරිතා ගොඩනැගීම සහතික කරන අතරම, ආර්ථික පුනර්ජීවනය සඳහා සහයෝගීතාවයේ නව ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සබඳතා ගැඹුරු කිරීමට ඉන්දීය රජය දරන ප්‍රයත්නයට අනුකූලව කටයුතු කරයි. ප්‍රදර්ශනය
මහජනතාවට විවෘත වන අතර, විවිධ ආරක්ෂක උපකරණ ප්‍රදර්ශනය කර ඇති අයුරු දැක බලා ගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දෙයි.
 
 
 
Posted On Wednesday, 07 June 2023 07:22