Friday, 26 April 2024

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා හෙට (01) සිට රටවල් 48 ක් සඳහා ගාස්තු රහිත සංචාරක විසා නිකුත් කරනවා - අගමැති

Posted On Wednesday, 31 July 2019 09:25

පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරය විශාල පසුබෑමකට ලක් වු අතර එය ප්‍රවර්ධනය කර ගැනිම සඳහා පසුගිය දා කැබිනට් අනුමැතිය මත රටවල් 48ක් සඳහා ගාස්තු රහිත විසා (Free Visa)නිකුත් කිරිමට පියවර ගත් අතර අගෝස්තු මස 01දා එනම් හෙට සිට එය ක්‍රියාත්මක කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද( 31) අරලියගහ මන්දිරයේ දි පැවැති මාධ්‍ය හමුවක දි පැවසීය.



වැඩිදුරටත් අදහස් දැක් වු අගමැතිවරයා පැවසුවේ, පාස්කු ප්‍රහාරයෙන් පසුව බිඳවැටි තිබු සංචාරක ව්‍යාපාරය යළි ගොඩ නැඟිම සඳහා මෙම පියවර ගත් බවයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය මාස 2ක් ඇතුළත අත්අංඩගුවට ගැනිමට හැකි විමත්,යළිත් රටේ ආරක්ෂාව තහවුරු කර ගැනිමට හැකි විම නිසාත්,අගොස්තු - සැප්තැම්බර් මාසයේ වන විට මෙ රටේ ආගමික උත්සව රාශියක් පැවැත් වෙන අතර එයට විදේශිකයින්ගේ ආකර්ෂණය තිබෙන නිසාත්,විශේෂයෙන් දළදා මාලිගාවේ පෙරහැර,දෙවිනුවර පෙරහැර,මහියංගන පෙරහැර,මෙන්ම හින්දු උත්සව රාශියක් ද මේ මාසයේදි ඇරඹෙන හෙයින් මේ සදහා විදේශිකයන් වැඩි ප්‍රමාණයක් පැමිණෙන නිසා එය ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ඇරඹු බව පැවසීය.

මෙම ගාස්තු රහිත සංචාරක විසා මසක කාලයක් වලංගු වේ. ඔස්ට්‍රියාව,ඕට්‍රේලියාව,බෙල්ජියම,බල්ගේරියාව,කැනඩාව,කාම්බෝජය,චීනය, ක්‍රෝඑෂියාව, සයිප්‍රස්,ඊජිප්ත්‍රව,ඩෙන්මාර්කය,එස්තෝනියාව,ෆින්ලන්තය,ප්‍රංශය,ජර්ම නය, ග්‍රිසිය,හංගේරියාව,ඉන්දියාව,ඉන්දුනිසියාව,අයිස්ලන්තය,අයර්ලන්තය,ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය,ලැට්රියා, ලිතුවේනියාව,ලක්සැම්බර්ගය,මැලේසියාව, මෝල්ටාව,නෙදර්ලන්තය,නවසිලන්තය,නොර්වේ,පිලිපිනය, පෝලන්තය,පෘතුගාලය,රුමේනියාව,රුසියාව ,සිංප්පුරුව,දකුණුකොරියාව,ස්ලොවැක්රිපබ්ලික්, ස්ලෝවේනියාව,ස්පාඤ්ඤය,ස්විඩනය,ස්විසලන්තය,තායිලන්තය,යුක්රේනය,එක්සත් රාජධානිය,ඇමෙරිකාව යන රටවල් 48 සඳහා මෙම ගාස්තු රහිත විසා ලබාදීමට නියමිතය.

පසුගිය මාස දෙක තුළ විදේශකයන් ලක්ෂ 2කට අධික ප්‍රමාණයක් ලංකාවට පැමිණ ඇතැයි ද අගමැතිවරයා සඳහන් කළේ ය.මෙයට දිරි ගැන්විමත් ලෙස,ගුවන්තොටුපළ ගාස්තු හා හෝටල් කාමර ගාස්තු මෙම ව්‍යාපෘතිය තුළින් අඩු කර ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ දැමිමට බලාපොරොත්තු වන බව පැවසිය.

මෙම අවස්ථාවට සහභාගි වු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුර්ව විසා පැමිණිමේ ආරක්ෂක නිශ්කාෂණ පද්ධතියේ ක්‍රියාත්මක කිරිමේ (implementation of pre -visa arrival security clearance system) ප්‍රධානි උදය වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ,, වීසා ලබා ගැනිම සඳහා වඩාත් පහසු ක්‍රමය වන මාර්ග ගත හෙවත් online ක්‍රමයට වීසා අයදුම්පත ඉදිරිපත් කරන ලෙසයි.මේ සදහා www.eta.govenment.lk යන වෙබ් අඩවිය ගොස් ඉතාම පහසුවෙන් විසා ලබා ගැනිමට හැකි බව පැවසීය.

ලෝකේ ඕනැම රටක තානාපති කාර්යලකින් මෙම වෙබ් අඩවියට පිවිසිමෙන් විසා අයදුම් කළ හැකි බවත් ඉන් කෙටි කාලයක් මෙරට රැදි සිටිම සඳහා විසා අවසරය මෙමගින් ලබා ගත හැකි බවත් මිට අමතර ව ලංකාවේ ගමන් මාර්ගෝපදේශකයෙක් මඟින් වීසා ලබා ගැනිමට අදහස් කරන්නේ නම් ඒ සඳහා පහසුකම් බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකියි.ඊට අමතරව විසා නොමැතිව ගුවන් තොටුපළට පැමිණෙන විදේශිකයන්ට ගුවන්තොටුපළේ පැය 24 ප්‍රරා ක්‍රියාත්මක වන විශේෂ කවුළුවක් තුළින් මෙම විසා ලබා ගත හැකි බවත් මෙය සංචාරක වීසා හා කෙටි කාලින ව්‍යාපාර සහා ලබා දෙන බව උදය වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

මේ අවස්ථාවට සංචාරක ප්‍රවර්ධන, වනජිවි සහ ක්‍රිස්තියානි කටයුතු ඇමති, ජෝන් අමරතුංග, නියෝජ්‍ය ඇමති රංජිත් අලුවිහාරේ,ශ්‍රි ලංකා සංචාරක හා ප්‍රවර්ධන මණ්ඩලේ සභාපති කිෂොර් ගෝමස්,යන මහත්වරු ඇතුළු ඉහළ නිලධාරින් හා රටවල් ගණනක තානාපතිවරුන් ද මෙ අවස්ථාවට සහභාගි විය.